― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඑලැඹෙන නිදහස් දිනයේදී ජනතාවට සහන රැසක්

එලැඹෙන නිදහස් දිනයේදී ජනතාවට සහන රැසක්

එලැඹෙන 75 වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එළඹෙන වසරේ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

එමෙන්ම රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 50කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.