23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල් ගුවන්තොටුපොළේ VIP සේවාව සඳහා මුදල් ගෙවා නැහැ?

බැසිල් ගුවන්තොටුපොළේ VIP සේවාව සඳහා මුදල් ගෙවා නැහැ?

ශ්‍රී ලංකාවට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපළේ ප්‍රභූ සේවාවන් භාවිත කිරීමේ ගාස්තුව සහ ඔවුන්ට ලබාදෙන ආහාර සඳහා මෙතෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ.

බැසිල් ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයකු නොවන නිසා ඔහුට ගුවන්තොටුපළේ ප්‍රභූ විවේකාගාරය භාවිත කිරීමට අයිතියක් නැත. බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් ගුවන්තොටුපළේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබූ නමුත් මේ වනතෙක් ඊට අදාළ ගාස්තුව ගෙවා නොමැත.

එමෙන්ම බැසිල්ට ගුවන්තොටුපළේ ගෝල්ඩ් රූට් සේවාව ලබා දී තිබූ බවත් මේ සඳහා එක් අයෙකුට ඩොලර් 200ක් වෙන් කෙරෙන අතර මේ වනතෙක් එම ගාස්තුවද ගෙවා නොමැති බව ගුවන්තොටුපොළ සේවකයෙක් අවධාරණය කළේය.