28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව විශාලතම ගෝල්ඩ් ෆිෂ් ප්‍රංශයෙන් හමුවෙයි

ලොව විශාලතම ගෝල්ඩ් ෆිෂ් ප්‍රංශයෙන් හමුවෙයි

මෙතෙක් සොයාගත් ලොව විශාලතම ‘ගෝල්ඩ් ෆිෂ්’ අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රංශයේ බ්ලූ වෝටර් විලේ මසුන් අල්ලමින් සිටි 42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාට මෙම මත්ස්‍යයා හසුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයා බරින් කිලෝ ග්‍රෑම් 30 ක් පමණ වන අතර මීට පෙර හඳුනාගෙන සිටි විශාලතම ගෝල්ඩ් ෆිෂ්ට වඩා මෙම ගෝල්ඩ් ෆිෂ් කිලෝග්‍රෑම් 13 ක් බරින් වැඩිවීම විශේෂත්වයක්.

මෙලෙස සොයාගත් යෝධ තැඹිලි පාට ගොල්ඩ් ෆිෂ් ‘ද කැරට්’ ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම මත්ස්‍යයා අල්ලා ගැනීම සඳහා විනාඩි 25ක් පමණ වෙහෙස වීමට සිදු වූ බවයි ඇන්ඩි ප්‍රකාශ කර ඇත්තේ.