29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරුපියල් 5000 දීමනාව අවලංගු කරන්නේ නැහැ - ෂෙහාන් සේමසිංහ

රුපියල් 5000 දීමනාව අවලංගු කරන්නේ නැහැ – ෂෙහාන් සේමසිංහ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව අඩු කර හෝ අවලංගු කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ඊයේ (21) අයවැය විවාදයේදී නැගෙනහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමානික්කම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අයටද මෙම දීමනාව ලබා දී ඇති අතර
වත්මන් ආර්ථික අර්බුදය තිබියදීත්, මෙම දීමනාව දිගටම ගෙවනු ලබන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා මෙම ගෙවීම සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.