29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතිළිණිගේ අප්පච්චි දයාසිරිටත් කෝල් කරලා? - විමර්ශන අරඹයි

තිළිණිගේ අප්පච්චි දයාසිරිටත් කෝල් කරලා? – විමර්ශන අරඹයි

මූල්‍ය වංචා සඳහා අනුබල දීමේ චෝදනා යටතේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ඉසුරු බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අතර සිදුවන දුරකථන සංවාදයක් යැයි පැවසෙන හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මූල්‍ය වංචා සඳහා අනුබල දීම යන චෝදනාව යටතේ 2022.10.19 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඉසුරු බණ්ඩාර නැමති අයෙකු මේ වන විට නව මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇත.

මෙම සැකකරු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ‍යෙන් දුරකථන හඩපටයක් මේ දින වල සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.

නමුත් මෙම සැකකරු රඳවා සිටින විශේෂ සිර මැදිරිය බන්ධනාගාර නිළධාරීන් යොදවා සෝදිසි කර ඇති අතර, එහිදි ජංගම දුරකථනයක් හෝ වෙනත් නීති විරෝධි කිසිවක් හමු වි නොමැති අතර, සැකකරු රක්ෂණ භාරයට පත් කිරීමෙන් පසු කිසිදු අවස්ථාවක සැකකරු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නව මැගසින් බන්ධනාගාරයට පැමිණ නොමැති බවට බන්ධනාගාර අධිකාරි වාර්තා කර ඇත.

සිදුවීම සම්බන්ධ‍යෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර එම ප්‍රකාශය මඟින් ද සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

(asian mirror)