29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරටට මෙහෙම වුණේ පහුගිය ආණ්ඩුවල ක්‍රියා කලාපය නිසයි - නන්දලාල් වීරසිංහ

රටට මෙහෙම වුණේ පහුගිය ආණ්ඩුවල ක්‍රියා කලාපය නිසයි – නන්දලාල් වීරසිංහ

මෙරට ආර්ථික අර්බුදයට හේතුව දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ හේතුවෙන් හටගෙන ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇති බවයි.

එහි ප්‍රතිඵල ලෙස පොලී අනුපාතය ඉහළ දැමීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර එය සෘජු ලෙස පැනවීම සිදුවන්නේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ආණ්ඩුවලට නොව රටේ ජනතාවට බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් අවසානයේ ජනතාව සෘජු බලපෑමට ලක් වන බවත් ඔහු අවධාරණය කළේය.