26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිසිම රෝහලක විදුලිය විසන්ධි කළේ නැහැ - බලශක්ති ඇමති

කිසිම රෝහලක විදුලිය විසන්ධි කළේ නැහැ – බලශක්ති ඇමති

මහනුවර ප්‍රදේශයේ කිසිම රෝහලක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි සිදුවීමක් ඇත්නම් වහාම දැනුවත් කරන ලෙසයි අමාත්‍ය කංචන විජේසේක වැඩිදුරටත් සඳහන් කර සිටියේ. එමෙන්ම මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ ඇති කිසිම රෝහලක විදුලිය විසන්ධි කිරීමක් සිදුකර නොමැති බවද ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් බලශක්ති ඇමතිවරයා මේ බව පැවසුවා.