― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයින්ට නිවස ආසන්නයේ කාර්යාලයට ස්ථාන මාරුවීම්

රජයේ සේවකයින්ට නිවස ආසන්නයේ කාර්යාලයට ස්ථාන මාරුවීම්

ප්‍රවාහන වියදම් ඉහළ ගොස් ඇති බැවින් රාජ්‍ය සේවකයන්ට නිවස ආසන්නයේ රාජකාරි කළ හැකි කාර්යාලයක් වෙන් කර දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයෙක්ටම නිවසට ආසන්න ප්‍රදේශවලට මාරුවීම් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට නියමිතය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම් මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ.

ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ සම්බන්ධව මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවල අවධානය යොමුවිය යුතු බවත් රාජ්‍ය සේවකයන්ට නිවසකට ආසන්න කාර්යාලයක් ලබා දීම සඳහා නිශ්චිත කාලයක් තුළ වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.