― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහෙට අනිද්දට දුමින්දට විදුලිබල අමාත්‍යංශය හම්බෙයි - දයාසිරි ජයසේකර

හෙට අනිද්දට දුමින්දට විදුලිබල අමාත්‍යංශය හම්බෙයි – දයාසිරි ජයසේකර

ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක හට විදුලිබල අමාත්‍යංශය ලැබීමට නියමිත බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමිනි.

මං දැක්කා ඊයේ නයි ටිකක් එකතුවෙලා පුවත්පත් සාකච්ඡාවක් තියනවා. ඔවුන් ගත්ත උදාහරණයම සම්පූර්ණයෙන් වැරදියි. අපි නෙවෙයි ඇමතිකම් ඉල්ලුවේ. අපි කිව්වේ සර්ව පාක්ෂඉක ආණ්ඩුවක් හදන්න කියලා. අපේ යන්න හිටපු කට්ටිය තනතුරු ටික හදාගෙන හිටියේ ගානට. කෘෂිකර්ම ඇමතිකමට එක්කෙනෙක් රණ්ඩුත් වුණා. ඔබට මං එක රහසක් කියන්නම්. නිමල් සිරිපාල හරි ආසයි ගුවන්සේවා අමාත්‍යංශය ගන්න. තායිසේ ගැටලුව අද වෙද්දි ලොකු ඇරියස් එකක්. හෙට අනිද්දට දුමින්දට විදුලිබල අමාත්‍යංශය හම්බෙයි. දැන් ඒකට ඔක්කොම කතාකරලා තියෙන්නේ.