23.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාවේ අධි බලැති විදුලි රැහැනක් මතට ගුවන්යානයක් කඩා වැටේ

ඇමරිකාවේ අධි බලැති විදුලි රැහැනක් මතට ගුවන්යානයක් කඩා වැටේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ 117,000 ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කරමින් සිටි 66 සහ 65 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පොළොව මට්ටමේ සිට අඩි 100ක් පමණ උසකින් යානය විදුලි රැහැන් කුළුණේ ගැටී එහි රැඳී ඇති අතර යානයේ ගමන් ගත් දෙදෙනා පහළට ගැනීමට විශාල වෙහෙසක් දැරීමට ද සිදුව තිබෙනවා.