28.9 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි චාල්ස් රජුට ලිපියක්

ඩයනාව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි චාල්ස් රජුට ලිපියක්

ඩයනා ගමගේව කඩිනමින් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ඉල්ලමින් ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය යොමු කර ඇත්තේ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩු පැවරූ ඕෂල හේරත් මහතා සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසිනි.

ඔවුන් සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයක් සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවයි.

මේ හේතුවෙන් ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වාගන්නා ලෙස ඔවුන් මෙම ලිපිය මගින් චාල්ස් රජුගෙන් ඉල්ලා සිටියි.