22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්ගත වී විනාඩි 05කින් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

ගුවන්ගත වී විනාඩි 05කින් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

අද (28) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන්ගත වී විනාඩි 05 ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර තිබෙනවා. ඒ යානයේ කාර්මික දෝශයක් හේතුවෙන්.

මෙය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් නියෝ වර්ගයේ ගුවන්යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ. මෙම ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළෙන් මදුරෙයි බලා පස්වරු 02.02ට පිටත් වූ අතර එම ගුවන් යානය විනාඩි 05ක ගුවන්ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත පස්වරු 02.07 ගොඩ බස්වා තිබේ.