32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුරකථන හා ඩේටා ගාස්තු සඳහා ඉදිරියේදී සහනයක්?

දුරකථන හා ඩේටා ගාස්තු සඳහා ඉදිරියේදී සහනයක්?

ජංගම දුරකථන හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ දුරකථන හා ඩේටා ගාස්තු ඉහළ යෑම ජනතාවට විශාල බලපෑමක් එල්ල කර ඇති බවයි.

අද බොහෝදෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ගීත අහන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නෙත් අධ්‍යාපනය ලබන්නෙත් බොහෝවිට ජංගම දුරකථනවලින් හා ඩේටාවලිනි. ඒක මෑත කාලයේ දී බොහෝම පැහැදිලියි. ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. ඒ නිසා ජංගම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජංගම දුරකථන ගාස්තු හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීමට රජයේ අවදානය යොමුකරන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලා සිටිනවා.