25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කුරුළු විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක

මෙරට කුරුළු විශේෂ 81ක් වඳවී යාමේ තර්ජනයක

මෙරට කුරුළු විශේෂ අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.

2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව දැඩි ලෙස තර්ජනයට ලක්වූ 19ක් හා තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක් වීමේ ප්‍රවණතාවය සහිත 14 ක් ලෙස විවිධ අවස්ථා පවතින බව එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටින අතර එහිදී කුරුළු විශේෂ 244ක් අධ්‍යයනයට ලක්කර බවත් කුරුළු විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සලකා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවල‌ට තර්ජන එල්ල වන බවත් ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් පැවසුවාය.

මිනිසා විසින් සිදුකරනු ලබන කාරණා මත එම වාසභූමිවල‌ට තර්ජන එල්ලවන බවත් ඒ අනුව කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැති බවත්, කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා කසළ ආහාරයට ගැනීමෙන් එම රසායනික ද්‍රව්‍ය නිසා කුරුල්ලන් වඳවී යාමට ලක් වන බවත් ඇය අවධාරණය කළාය.

විශේෂයෙන්ම එම වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළි කිරීම ,ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ඇය සඳහන් කළාය.