26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

මේ වසරේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ.

ලොව විශාලතම ඉන්ධන ඉල්ලුම්කරු වන චීනය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය ඊට හේතු වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව වාර්තා වන අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම මිල ද මෙයයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පෙර දිනට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් 2.27ක පහළ යාමක් වාර්තා කරමින් ඩොලර් 81.36ක් ලෙස අද සටහන් වුණි. වැඩිදුරටත් වාර්තා වන්නේ මේ වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වන පහළම මිල ද මෙය බවයි.