26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා කඳවුරු, පාසල් සහ රජයේ කාර්යාලවල සූර්ය පැනල සවිකිරීම ඇරඹේ

හමුදා කඳවුරු, පාසල් සහ රජයේ කාර්යාලවල සූර්ය පැනල සවිකිරීම ඇරඹේ

දිවයිනේ තෝරාගත් හමුදා කඳවුරු, පාසල් ගොඩනැගිලි සහ රජයේ කාර්යාලවල සූර්ය කෝෂ සවිකිරීම ආරම්භ කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන පරිදි 2016 වසරේ ඉන්දීය රජය විසින් මෙරට සූර්ය බලශක්ති උත්පාදනය සංවර්ධනය සඳහා ලබාදුන් ණය මුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

සූර්ය කෝෂ සවිකිරීමට නියමිත ස්ථාන පිළිබඳ ලියවිල්ලක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා සූර්ය පැනල සවි කිරීමට පියවර ගැනේ.