28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපෙට වැඩ කරන අලි බඳවා ගැනේ

එජාපෙට වැඩ කරන අලි බඳවා ගැනේ

එක්සත් ජාතික පක්ෂයට ලබන වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අනිද්දා (01) සිට ආරම්භ කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.