28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsA 9ක් ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

A 9ක් ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

අදාළ සිසුවා තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමඟ ආපසු එමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සිසුවා අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන ප්‍රදේශවාසීන් මැර කල්ලියට ඇති බිය නිසා සිසුවාගේ පවුලේ උදවිය ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවටද චෝදනා කරයි.