27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආර්ථික අර්බුදය පහව යමින් තිබෙනවා - මහබැංකු අධිපති

මෙරට ආර්ථික අර්බුදය පහව යමින් තිබෙනවා – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් පහව යමින් පවතින බවත් ඒ සඳහා දැනටමත් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටියේ මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවයි.

එමෙන්ම මේ වනවිට මහ බැංකුවේ ප්‍රධාන අරමුණ ආර්ථිකය ස්ථාවර කිරීම සහ පුනර්ජීවනය කිරීම බවත් පොලී අනුපාත ඉහළ නැංවීමට අදාළව මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් නන්දලාල් වීරසිංහ එහිදී පැවසීය.

ඇතැම් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමට පියවර ගත් බව පැවසූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ නිසා ආර්ථිකය මන්දගාමී වී ඇති බවයි.