― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews15 හැවිරිදි සිසුවෙක් සිප ගත් ගුරුවරිය රිමාන්ඩ්

15 හැවිරිදි සිසුවෙක් සිප ගත් ගුරුවරිය රිමාන්ඩ්

15 හැවිරිදි සිසුවකුගේ මුහුණ සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ නියෝග කර තිබේ.

42 තිදරු මවක් මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවත් අතවරයට පත් සිසුවාගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ (පුංචි අම්මා සෙවනේ) හැදී වැඩෙන බව පොලිසිය පවසයි.

සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි ඇය පවසා තිබේ.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇත. ඇය නොදැක්කා සේ නිවස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී තිබේ.

ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී “සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ.. ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය පවසයි.