22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවිනය කඩ කළ වනිඳුට දඩයක්

විනය කඩ කළ වනිඳුට දඩයක්

ICC ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබෙනවා.

(30) වනදා ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේදී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.

ඒ අනුව ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක්ද නියම කර තිබේ.

නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා වනිඳු තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතුවී ඇත.