22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව දේශපාලන පක්ෂ 07ක් පත්වෙයි

නව දේශපාලන පක්ෂ 07ක් පත්වෙයි

මෙරට ක්‍රියාත්මක සංවිධාන කිහිපයක් පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2022 වසරේදී පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකනු ලැබීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සංවිධාන අතරින් සංවිධාන 07ක් මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට තීරණය කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

‘එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය’ එලෙස පිළිගත් දේශපාලන පක්ෂ වනවා.

පසුගිය නොවැම්බර් 28 වනදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම දන්වා සිටින්නේ.