32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් ගොවීන්ට

මොණරාගල ඉඩම් හෙක්ටයාර් 5000ක් ගොවීන්ට

මොණරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගා කටයුතුවලට යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

ඒ පිළිබඳ සාකච්ඡාවක් ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති අතර එහිදී මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.

එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කරන බවත් ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දෙන බවත් සාගල රත්නායක පැවසීය.