33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයූරියා පොහොර නැවක් අද කොළඹට

යූරියා පොහොර නැවක් අද කොළඹට

යූරියා මෙට්‍රික් ටොන් 9,000ක් සහිත නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වී තිබේ.

එලෙස වරායට සේන්දු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්‍රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා නෞකාවයි.

මේ වන විට නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක්ද අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

එම බණ්ඩි පොහොර තොගය ගොඩබෑමේ කටයුතු හෙට (03) පස්වරුවේ ආරම්භ කෙරේ.

“05 වැනිදා වෙද්දි අදාළ ප්‍රදේශවලට බණ්ඩි පොහොර යවනවා. යූරියා ලැබෙන්නේ රුපියල් 10,000ට. බණ්ඩි පොහොර රුපියල් 19,500ක් වගේ වෙනවා. අවශ්‍ය පරිදි බණ්ඩි පොහොර ලැබෙනවා. මඩ පොහොර යල කන්නය ආරම්භයේදී සියළුම ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා. කාබනික පොහොර වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 20,000 ක් ලබා දෙන්න කියපු යෝජනාවට අනුමැතිය ලැබුණා.”