― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශානිගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක්

ශානිගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කළේය.

ඒ අනුව පෙත්සම්කාර ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.