― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalහොරකම් කරන හැම ව්‍යාපාරිකයෙක්ම ඉන්නේ දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ

හොරකම් කරන හැම ව්‍යාපාරිකයෙක්ම ඉන්නේ දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ

අපේ රටේ හොරකම් කරන සෑම ව්‍යාපාරිකයෙක්ටම දේශපාලකයන්ගේ රැකවරණය ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

මේ රටේ හොරකම් කරන ව්‍යාපාරිකයෙක් ඉන්නව නම් ඒ හැම ව්‍යාපාරිකයෙක්ම දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ ඉන්නේ. දේශපාලන රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි හොරකම් කරන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි මේ රටට විදේශ රටවලින් ගෙනත් කුණු ගොඩ ගහන්නේ.

කවද්ද මේක අපි නතර කරන්නේ. හොරකම් ගැන කතා කරනවා. ලිපිගොනු ඉදිරිපත් කරනවා. 2007දී මම බිලියන 300ක වංචා හෙළි කළා. පාර්ලිමේන්තුවට මේවා ගැන හොයන්න වගකීමක් තියෙනවා. රට කඩා වැටෙන්න වුණ වංචා ගැන පාර්ලිමේන්තුව කථා කරන්නේ නෑ. ඒක නිසයි ජනතාව පාරට බැස්සේ.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ඔ්න. මූල්‍ය ගනුදෙනු ගැන හොයන්න පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කරන්න. නීති සම්පාදනය වගකිමකින් යුතුව අපි කටයුතු කරනවා.