28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් ගත් ප්‍රදේශීය සභා නිලධාරියා අත්අඩංගුවට

අල්ලස් ගත් ප්‍රදේශීය සභා නිලධාරියා අත්අඩංගුවට

රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බවට සැකපිට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියා අද (06) දවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පොතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලක පරිසර හා ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට සැකකාර තාක්ෂණ නිලධාරියා රුපියල් විසිදහසක අල්ලසක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම මුදල ලබාගැනීමට යාමේදීයි මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.