31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනොරොච්චෝලේ, ලක්ෂපාන බලාගාර රටවල් දෙකකට පැවරීමේ සූදානමක්?

නොරොච්චෝලේ, ලක්ෂපාන බලාගාර රටවල් දෙකකට පැවරීමේ සූදානමක්?

මෙරට විදුලි බලාගාර විදෙස් සමාගම්වලට පැවරීමට ඉහළ පෙළේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය චීනයටත්, ලක්ෂපාන බලාගාරය කොරියානු සමාගමකටත් පැවරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

දැනට නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලිය ඒකකයක් රුපියල් 18ත් 20ත් අතර මිලකට රජය ලබාගන්නා අතර එම මිල රුපියල් 40ක් 50ත් අතර මිලකට ඉහළයාම හා එම අදාළ බලාගාරයේ ණය ප්‍රමාණය මත මිල ගණන් තීරණය කිරීමේ අවුල් සහගත තත්ත්වයක් පවතී.

මෙම ගැටලු විසඳාගත් වහාම නොරොච්චෝල බලාගාරය චීනයටම පැවරීමට තීරණය කර ඇති අතර ලක්ෂපාන බලාගාරය පැවරීම සඳහා කොරියානු සමාගමක් හා විදුලිබල අමාත්‍යාංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තා වෙයි.

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා ලද තීරණයට අනුව බලාගාර මිලදී ගැනීමට බලාපොරොත්තු වන විදේශ ආයතන විදුලි බිල වැඩි කරන ලෙස ඉල්ලා තිබේ.