27.8 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලෝ ප්‍රකට ප්‍රහසන නිළියක් දිවිසැරියට සමුදෙයි

ලෝ ප්‍රකට ප්‍රහසන නිළියක් දිවිසැරියට සමුදෙයි

ඇමරිකාවේ ‘චියර්ස්’ නැමැති ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිළිකා රෝගයකින් පීඩා විඳි ඇ‍ය මියයන විට 71 හැවිරිදි වියේ පසු වූවාය.

‘චියර්ස්’ නැමැති ප්‍රහසන කතා මාලාවේ රංගනය වෙනුවෙන් ක්‍රිස්ටි අලෙයි, එමී සම්මානයටද පාත්‍ර වූ අතර මෙම ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවේ පබ් කළමණාකරුවෙකු ලෙස ඇය සිය භූමිකාව නිරූපණය කළාය.

ඇයට තිබූ පිළිකාව කුමක් දැයි නිශ්චිතව සඳහන් කර නොමැති නමුත් ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳින බවට මෑතකදී හඳුනාගත් බව පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.