30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආර්ජන්ටිනාවේ උප ජනාධිපතිනියට වසර 06ක සිර දඬුවම්

ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිනියට වසර 06ක සිර දඬුවම්

ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 06ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීමද තහනම් කර ඇත.

2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයාද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි.

හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු අතර
ආර්ජන්ටිනාවේ උප ජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.