27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකන් චිත්‍රපට නැරඹූ තරුණයන් 02කට මරණ දඬුවම

ඇමෙරිකන් චිත්‍රපට නැරඹූ තරුණයන් 02කට මරණ දඬුවම

අමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරඹූ උතුරු කොරියානු නව යොවුන් තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබාදීමට උතුරු කොරියානු රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස මරණ දණ්ඩනය හිමිව ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 යන වයසේ පසුවන නව යොවුන් තරුණයින් දෙදෙනෙකුට බවයි.

මොවුන් උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, මොවුන් පාසල තුල දී මෙලෙස හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම නව යොවුන් තරුණයින් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ඔවුන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටත් පවසන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වී ඇති අතර විදෙස් මාධ්‍ය මෙම සිදුවුවිම වාර්තා කර තිබුණේ ඊයේ (06) දිනයේදීයි.