29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට වියදම්වලින් සියයට 75ක් යන්නේ කෑමට - යුනිසෙෆ්

මෙරට වියදම්වලින් සියයට 75ක් යන්නේ කෑමට – යුනිසෙෆ්

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5කින්ම පවුල් 2ක් සිදුකරන වියදම්වලින් සියයට 75ක් වැය වන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඔවුන්ගේ නවතම වාර්තාවේ පෙන්වා දෙනු ලබන්නේ තම මාසික වැටුපෙන් හෝ ආදායමෙන් සියයට 75ක් ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවයි.

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන මෙම ආර්ථික අර්බුදය 2023 වසර පුරාවටත් පවතිනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඔවුන් ඇස්තමේන්තු කර ඇති අතර ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

පසුගිය ඔක්තෝබර් මස සිට ලබන වසරේ පෙබරවාරි දක්වා කාලය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තවත් පිරිහිය හැකි බව සඳන් කරන යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවයි.