25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජ්‍ය දේපළ විකුණා හෝ ඩොලර් හිඟය විසඳිය යුතුයි

රාජ්‍ය දේපළ විකුණා හෝ ඩොලර් හිඟය විසඳිය යුතුයි

මෙරට පවතින ඩොලර් හිඟය රාජ්‍ය දේපළ විකුණා හෝ විසඳා නොගත හොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළහි මිලදී ගැනීම් කිරීම අපහසු වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මොනම හෝ දේපළක් විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බවයි ඔහු පවසන්නේ. එසේ නොමැති වුවහොත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නට හැකියාවක් නොමැති බවත් එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතු වන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

ඇමරිකානු ඩොලර් බිලියන 03ට වැඩි මට්ටමකට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ගෙන ආ යුතු බවයි ඔහු සදහන් කරන්නේ.