25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඳුවප් පුන් පොහෝ දිනය අදයි

උඳුවප් පුන් පොහෝ දිනය අදයි

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

බෞද්ධ බැතිමතුන් මෙම පොහොය මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබන අතර මෙය වර්ෂයේ අවසන් පොහොය වීමද විශේෂත්වයකි.

දේවානම්පියතිස්ස රජුගේ ඇරයුමෙන් සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ කණ්ඩායමක් ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනෙන් ලංකාවට ගොඩ බැස්සේ උඳුවප් පොහොය දිනයේ බව ඉතිහාසයේ සඳහන් වේ.

එසේම වෙසක් පොහොය දක්වා පවතින සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පොහොයෙනි.