25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldලංකාවට ගොඩ එන්න ඉන්දියාව තිතටම උදවු කළා

ලංකාවට ගොඩ එන්න ඉන්දියාව තිතටම උදවු කළා

දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සඳහා මේ මොහොතේ ඉදිරිපත් නොවන්නේ නම් එය ඉන්දියාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරීමක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (07) ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවත් ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එය ඉන්දීය වත්මන් රජය ද අනුගමනය කළ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි වඩාත් ඵලදායිම ක්‍රමය එය බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී වාර්ගික ප්‍රවේශයක් නොගන්නා අතර ඉන්දීයාව සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.