25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලබන වසරේ සිට පාසල් විෂය මාලාවට අලුත් විෂයක්

ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට අලුත් විෂයක්

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහකදී ඉතා දුෂ්කර වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවද ඔහු පැවසුවා.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වැනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවයි.