31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්න තරගයක්

ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන්න තරගයක්

ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් පරදා එම ස්ථානය හිමි කර ගැනීමට ලුවී විටෝන් මවු සමාගම වන LVMH සභාපති බර්නාර්ඩ් ආර්නොල්ඩ් සමත් වූ බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි.

ඒ අනුව බර්නාර්ඩ් ආර්නොල්ඩ් අද (08) දෙවතාවක්ම ඉලෝන් මස්ක් පරදා ලොව අංක එකේ ධනවත් පුද්ගලයා යන කිරුළ හිමි කරගෙන තිබේ.

බර්නාර්ඩ් ආර්නොල්ඩ්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 184.7ක් බවත් ඉලෝන් මස්ක්ට වඩා ඔහු ඩොලර් මිලියන 100ක් ඉදිරියෙන් සිටි බවත් ෆෝර්බ්ස් සඟරාව පෙන්වා දී තිබේ.

නමුත් නැවත වරක් ඉලෝන් මස්ක් බර්නාර්ඩ් ආර්නොල්ඩ් පසු කරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා වීමට සමත්ව ඇති අතර ඒ අනුව ඉලෝන් මස්ක්ගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 185.4කි.