31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසුනාමි අරමුදල ගසා කෑ අය අද රට හදන හැටි කියනවා

සුනාමි අරමුදල ගසා කෑ අය අද රට හදන හැටි කියනවා

සුනාමි අරමුදලින් මුදල් ගසා කාපු පුද්ගලයන් බලයට ගේන්න කටයුතු කළ පුද්ගලයන් සිටින රටේ චින්තනයෙන්, දර්ශනයෙන් රට සවිබල ගැන්වීම වත්මන් විපක්ෂය විසින් නොපිරිහෙලා ඉටු කරන බවත් ජනතාවගේ මූලික අයිතියක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන අංශ දෙකින් රට සවිබල ගැන්වීම සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල වැඩසටහනට සමගාමීව 42 වන බස් රථය ලෙස රුපියල් හතලිස් හයලක්ෂයක් වටිනා බස් රථයක් දැරණියගල සිරි සමන් විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සජිත් ප්‍රේමදාස බඩු බෙදිල්ලට එහා දෙයක් නොදන්තා බව පවසමින් ඇතැමුන් චෝදනා කරන බවත් දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ඉටු කළ සාම්ප්‍රදායික කාර්යභාරයෙන් එහාට ගොස් තට්ටු මාරු දේශපාලනයෙන් එහාට ගොස් වෙනස් වැඩපිළිවෙළක් වත්මන් විපක්ෂය විසින් ඉටු කරන බවත් සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කළේය.

රට බංකොලොත් කළ උදවියම අද ජනතාවට කැපකිරීම් කරන්න යැයි තමාට කියන බවත් විදුලිබිල, බඩු මිල ඉහළ දමමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමන බවත් මෙය එක් කණ්ඩායමක් විසින් කරන ලද අපරාධ එක ප්‍රතිඵලයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමහර දුවා දරුවන්ට කුසගින්න හේතුවෙන් කලන්තය හැදී වැටෙන බවත් දරුවන්ට කෑම වේලක් දීමට නොහැකි වේදනාවෙන් සමහර දෙමවුපියන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.