26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට වෙනුවෙන් පොහොට්ටුව එජපාය සමඟ දීග කන්න සූදානම්

රට වෙනුවෙන් පොහොට්ටුව එජපාය සමඟ දීග කන්න සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (12) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් ජනාධිපතිවරයා බවට පත්වූ බවත් ඒ හේතුවෙන් පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවත්ය.

රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වන ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක් වීම නිසා එවැනි පක්ෂයක් සමඟ එකතුවීම එම පක්‍ෂයටත් ශක්තියක් බව පැවසූ මන්ත්‍රීවරයා සදඟන් කළේ රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න සූදානම් බවයි.