26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචැසි, එන්ජින් අංක ව්‍යාජ ලෙස සකසා වාහන අලෙවි කළ 03ක් අත්අඩංගුවට

චැසි, එන්ජින් අංක ව්‍යාජ ලෙස සකසා වාහන අලෙවි කළ 03ක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර රථවාහන අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකරුවන් වැලිවේරිය, පොළොන්නරුව සහ මාකවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කූඨ ලේඛන සකස් කිරීම, ඒවා සන්තකයේ තබාගැනීම සහ ඊට අනුබල දීම යන චෝදනා මෙම සැකකරුවන්ට එල්ල වී ඇත.

ලීසිං ආයතන මඟින් විනාශ කිරීමට නියමිතව ඇති මෝටර් වාහනවල ලියාපදිංචි සහතිකපත් ලබාගෙන සහ කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වාහන අඩු මුදලට ලබාගෙන මෙම වංචනික ක්‍රියාව සිදුකර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

එලෙස චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබුණු ත්‍රීරෝද රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.