26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමසක් වයසැති බිළිඳිය නිවසේ දමා මව පැනගිහින්

මසක් වයසැති බිළිඳිය නිවසේ දමා මව පැනගිහින්

ගාල්ල හබරාදුව ප්‍රදේශයේ නිවසක් තුළ දමා ගොස් සිටි මාසයක් වියැති බිළිඳියක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම බිළිඳියගේ මව විසින් බිළිඳිය තම පියාගේ නිවස තුළ දමා ගොස් තිබූ අතර මව්පිය රැකවරණය අහිමිව බිළිඳිය එම නිවස තුළ සිටි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

මෙම බිළිඳියට අසළ නිවසකින් එක් වේලක් කිරි ලබා දී තිබූ අතර බිළිඳියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහායි ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ.

මෙම බිළිඳියගේ මව 25 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවත් මව දරුවා සමඟ පියාගේ නිවසේ සිට දිවි ගෙවා ඇති බවත් වාර්තා වෙයි.

පසුගිය 11 වැනිදා උදෑසන බිළිඳියගේ මව හබරාදුව නගරයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇතත් යළි නිවසට පැමිණ නැත. මෙම නිවසේ බිළිඳියගේ සීයා සහ මෙම කාන්තාවගේ බාල වයස්කාර සොයුරන් පමණක් ජීවත් වන අතර සීයා මෙම දරු දෙදෙනාට බිළිඳිය බලාගැනීමට පවරා රැකියාවට ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ පිළිබඳව තොරතුරු වාර්තා වූ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද සිරිවර්ධන හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියන්ද දැනුවත් කොට බිළිඳියගේ සීයා ලවා හබරාදුව පොලිසියට මේ පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මව්පිය රැකවරණය අහිමි මෙම බිළිඳිය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර බිළිඳිය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

#lankasara