29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය යුද නෞකාවක් මෙරටට සේන්දු වෙයි

ඉන්දීය යුද නෞකාවක් මෙරටට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (13) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙම යුද නෞකාව මෙරටට පැමිණ ඇති අතර දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා නෞකාව සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව මෙම යුද නෞකාව පිළිගැනීමට කටයුතු කළේය. ෆ්‍රී ගේට් වර්ගයේ යුද නෞකාවක් වන මෙය දිගින් මීටර් 143 ක් හා නැව් මුළුව 390ක ගෙන් සමත්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්. එම්. තෝමස් කටයුතු කරනු ලබයි.

මෙම නෞකාව ලබන 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.