30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිංගික අතවර කිරීම් ගැන අලුත් වගන්ති දණ්ඩ නීති පොතට

ලිංගික අතවර කිරීම් ගැන අලුත් වගන්ති දණ්ඩ නීති පොතට

ලිංගික අතවර කිරීම් ඇතුළු සියලුම ආකාරයේ බලහත්කාර ලිංගික අඩත්තේට්ටම් සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ.

ඒ අනුව ලිංගික අතවර සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස් වරදක් බවට පත් කිරීම පිණිස අලුතින් වගන්තියක් ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.