23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලිබල මණ්ඩලයට පොලු තැබූ මන්ත්‍රීවරුන්ට සහන කාලයක්

විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මන්ත්‍රීවරුන්ට සහන කාලයක්

වත්මන් ඇමතිවරුන්ට විදුලි බිල ගෙවීමට සති දෙකක කාලයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අමාත්‍යවරුන්ගේ අධික විදුලි බිල පියවා ගැනීම සම්බන්ධයෙන් නව ක්‍රියාවලියක් හඳුන්වා දෙන බවත් හෙතෙම එහිදී පැවසීය.

අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත්ව යාමේදී නිල නිවාසවලින් ඉවත්වීමට මාස තුනක කාලයක් ලබාදී තිබුණද එම නිවාස සඳහා අදාළ අමාත්‍යාංශ එම කාලසීමාව තුළ ගාස්තු නොගෙවා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම විෂමතාවය දැවැන්ත ගැටලුවක් බවට පත්ව ඇති අතර නොගෙවූ ලැයිස්තු ප්‍රමාණය රුපියල් ලක්ෂ ගණනින් ඉහළ ගොස් ඇති බවත් ඉන්දික අනුරුද්ධ අවධාරණය කළේය.

නිල නිවාසවල නොගෙවූ බිල්පත් සඳහා පොළිය එකතු කර ඇති බවත් මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මුදල් ගෙවා නොමැති බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

එමෙන්ම විදුලි බිල නොගෙවූ ඇතැම් මන්ත්‍රීවරුන්ට නොතීසි නිකුත් කිරීමටවත් ඔවුන් ජීවතුන් අතර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වන විට නව යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇති බවත් හැකි සෑම තැනකම ගෙවිය යුතු මුදල් අය කර ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පියවර කිහිපයක් ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.