― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමතුගම සහන්ගේ බිරිඳ ගුවන්තොටුපොළේදී CID භාරයට

මතුගම සහන්ගේ බිරිඳ ගුවන්තොටුපොළේදී CID භාරයට

රුපියල් කෝටි 25ට අධික මුදලක් බැංකු ගිණුමක සහ තැපන්පතුවක තබාගෙන සිටි මතුගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මතුගම සහන්’ හෙවත් සහන් අරෝස් ජයසිංහ නමැත්තාගේ බිරිඳ ඩුබායි රාජ්‍යයට පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පෙරේදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

එම නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු බව සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.