26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී ඩෙංගු රෝගීන් 71,000ක්

මේ වසරේදී ඩෙංගු රෝගීන් 71,000ක්

මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දෙසැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගින් 3,200 දෙනෙකු වාර්තා වී ඇති අතර පවතින වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින්ද ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

නොවැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගින් 5,416 දෙනෙක් වාර්තා වී ඇති බවත් 2022 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 71,000ක් පමණ වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.