― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඑලොන් මස්ක් ට්විටර් අත්හරී?

එලොන් මස්ක් ට්විටර් අත්හරී?

තමන් තවදුරටත් ට්විටර් සමාගමේ ප්‍රධානියා ලෙසට කටයුතු කළ යුතු ද එසේත් නොමැති නම් ධුරයෙන් ඉවත්විය යුතු ද යන්න ඉලෝන් මස්ක් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් විමසීමක් කර තිබෙනවා.

ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල අනුව කටයුතු කරන බවයි ප්‍රකාශකර ඇත්තේ.

ටෙස්ලා සහ ස්පේස් එක්ස් පවත්වාගෙන යන තාක්‍ෂණ අධිපතියකු වන ඉලෝන් මස්ක් ට්විටර් සමගම භාර ගැනීමෙන් පසු දැඩි විවේචනවලට මුහුණ දී සිටිනවා. නීතිමය සටනකින් අනතුරුව, මස්ක් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දැවැන්ත මුදල් ගනුදෙනුවකින් සමාගමේ පාලනය ලබා ගත්තා.

ඉදිරියට යාමේදී ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීම සඳහාද ඡන්දය විමසන බවයි මස්ක් ට්විටර් හරහා නිවේදනය කළේ. වෙනත් සමාජ මාධ්‍ය වේදිකා ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් ට්විටර් නිර්මාණය කර ඇති ට්විටර් ගිණුම් වසා දමන බව ප්‍රකාශ කිරීමත් සමඟයි මෙම මත විමසුම පැමිණ ඇත්තේ.

මෙම පියවර Facebook, Instagram, Mastodon, Truth Social, Tribel, Nostr සහ Post වැනි වේදිකාවල පරිශීලක නාමවලට සම්බන්ධ වන හෝ අඩංගු ගිණුම් වලට ද බලපානු ඇති බව සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

අපගේ බොහෝ පරිශීලකයින් වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල ක්‍රියාකාරී බව අපි හඳුනා ගනිමු. කෙසේ වෙතත්, අපි තවදුරටත් Twitterහි ඇතැම් සමාජ මාධ්‍ය වේදිකා නොමිලේ ප්‍රවර්ධනය කිරීමට ඉඩ නොදෙමු. විශේෂයෙන්ම, අපි වෙනත් සමාජ වේදිකා සහ පහත වේදිකා සඳහා සබැඳි හෝ පරිශීලක නාම අඩංගු අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පමණක් සාදන ලද ගිණුම් ඉවත් කරන්නෙමු: Facebook, Instagram, Mastodon, Truth Social, Tribel, Nostr සහ Post යනුවෙන් එම සමාගම ප්‍රකාශ කළා.