― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldගැබිණි බිරිඳට HIV එන්නත් කළ සැමියා අත්අඩංගුවට

ගැබිණි බිරිඳට HIV එන්නත් කළ සැමියා අත්අඩංගුවට

තම ගැබිණි බිරිඳ දික්කසාද කිරීම සඳහා එච්.අයි.වී ආසාදිතයෙකුගේ රුධිරය එන්නත් කළ බව කියන පුද්ගලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

40 හැවිරිදි මෙම සැකකරු සිය බිරිඳ සහ දියණිය සමඟ ආන්ද්‍රා ප්‍රාන්තයේ දඩපල් ප්‍රදේශයේ දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ මෙම පවුල් ප්‍රශ්නය ආරම්භ වී ඇත්තේ 2018 වසරේ සිටයි.

තම ස්වාමිපුරුෂයා දෑවැද්දට මුදල් ඉල්ලා තමන්ට පිරිමි දරුවෙකු ලබා දෙන ලෙස ඉල්ලා හිරිහැර කරන බවට කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

පෝෂණ එන්නතක් බව පවසමින් HIV ආසාධිත පුද්ගලයකුගේ රුධිරය තමාට ලබා දුන් බවද ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. තම සැමියා තරුණියක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බවත් ඇය වෙනුවෙන් ඇයගෙන් දික්කසාද වීමට තීරණය කළ බවත් වින්දිත කාන්තාව දන්වා ඇති බව පොලිසිය පවසයි.

පසුගියදා එම කාන්තාව කළ සෞඛ්‍ය පරීක්‍ෂණයකදී HIV ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර අදාළ කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

එහිදී සැකකරුගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම බිරිඳට HIV ආසාදනය වී ඇති බව පවසමින් දික්කසාද වීමට උත්සාහ කිරීමේදී සැකකරු මෙය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.