32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතායිලන්ත නාවුක යාත්‍රාවක් අනතුරට

තායිලන්ත නාවුක යාත්‍රාවක් අනතුරට

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33ක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එච්.ටී.එම්.එස් සුඛොතායි නෞකාව මෙසේ අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේදී 106ක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

සැඬ සුළඟට සහ ධාරාණිපාත වර්ෂාවකට මැදිවුණු සුඛොතායි නෞකාවට ජලය කාන්දු වීමෙන් යාන්ත්‍රික පද්ධතියද අඩපණ වී තිබේ.

අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.