― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදරුවා නිදි කරවන්න මව 119 කෝල් කරලා?

දරුවා නිදි කරවන්න මව 119 කෝල් කරලා?

තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත.

පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත.

දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත .

අපෝ දැන් හොදටම පරක්කුයි දැන් එයා නිදි ,මම පොලිසියට කතා කලේ හතට විතර දැන් නමයටත් ළගයිනෙ.” කාන්තාවගේ පිළිතුර වී තිබේ.

මෙම අරුම පුදුම ප්‍රකාශය ගැන මව ගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරන්නට වූයේ මාව කියන දේ හිතාගැනීමට නොහැකි වූ නිසාවෙනි.

පසුව මෙම මව පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දරුවා තුන්වැනි වසරේ ඉගෙන ගන්නා බවත් රාත්‍රියේ කලින් නින්දට යන ලෙස දැනුවත් කළද ඔහු නිදා නොගෙන වීවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් අනෙක් දරුවන්ට නිදාගැනීමට නොදී උසුළු විසුළු කරන බවත් මව සහ පියාට ද නිදාගැනීමට නොදී කරදර කරන බව ප්‍රකාශ කොට තිබේ.

මෙම නිවසට පොලිසියෙන් යන විටත් රාත්‍රී නමය ආසන්න වී තිබුණු නිසා මෙම දරුවාට නිදා ගැනීමට පවරා ඇත්තේ රාත්‍රී කුමන වේලාවටද පොලිසිය විමසා තිබේ.

එහිදී මව ප්‍රකාශ කොට ඇත්තේ සවස හයයි තිහට පමණ දරුවන් නිදා ගත යුතු බවය . කලින් ආහාර පිස ඔවුන්ට ලබාදී නිදිකර කරවීම සිදු කරන බවත් 3 වසරේ දරුවා ඊට අවනත නොවීම නිසා ඔහු නිදි ගැන්වීම්ට පොලිස් නිලධාරීන් ගෙන්වා බිය ගැන්වීමට තමන් මෙම දුරකථන ඇමතුම ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මෙම මවට දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙවැනි සුළු සිද්ධීන්වලදී පොලීසියේ කාලය මෙන්ම පොදු මහජනතාවගේ මුදල් මෙයාකාරයෙන් වියදම් වන බවත් මින් ඉදිරියට මෙවැනි දේ සිදු නොකරන ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් දෙදෙනා නැවත පිටව ගොස් තිබේ.

#lankadeepa